බැකෝ සමන් ගේ බිරිඳ වව්නියාව අධිකරණය හමුවට

බැකෝ සමන් ගේ බිරිඳ වව්නියාව අධිකරණය හමුවට

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සැකසීමේ සිද්ධියට අදාල නඩු කටයුත්තක් වෙනුවෙන් බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ ඊයේ (10) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

පොලීසිය පැවසුවේ වව්නියාව ආගමන විගමන කාර්යාලය හරහා සිදුවූයේ යැයි කියන විදෙස් ගමන් බලපත්‍ර නඩු කටයුත්තක් වෙනුවෙන් අදාල කාන්තාව අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

සැකකාරිය දැඩි පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් ගේ අධික්ෂණය යටතේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී අඩ්ග්ගිකරණය නියෝග කළේ එළැඹෙන නොවැම්බර 24 වැනිදාට නඩු විභාගය කල් තැබීමටයි.

බැකෝ සමන් ඇතුලු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගත් අවස්ථාවේ මෙම සැකකාරිය ද ඔවුන් සමග සිටිය දී පොලීසිය බාරයට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවා.

Share This