බිත්තර මිල අඩු කිරීමට ක්‍රමවේදයක්
බිත්තර මිල සම්පූර්ණයෙන්ම කුකුල් කෑම මත තීරණය වන බවත් කුකුල් කෑම සඳහා යොදා ගන්නා බඩ ඉරිගු ලබන කන්යේ ආනයනයේදී රුපියල් 125 – 130 වැනි මුදලකට කිලෝවක් මිල දී ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් ඉඩම්, කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ මහතා පවසනවා
වෙළඳපොළේ බිත්තර තොග මිල ඉහළ ගොස් තිබෙන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලේකම්වරයා ප්‍රකාශ කළේ කුකුල් කෑම මිල ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි.
මෙරට බඩ ඉරිගු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 06ක් වන අතර, නිෂ්පාදනය කරනු ලබන්නේ ලක්ෂ 03ක් පමණක් බව සඳහන්
ඒ හේතුවෙන් තවත් ලක්ෂ 03ක්ම ආනයනය කිරීමට සිදු වන අතර ඉදිරියේදී, මෙය සමතුලිත කර ස්ථාවර මිලක තබා ගැනීමට උත්සහ කරන බව ද ඔහු සඳහන් කළා