බිරිදගේ මිනිය යතුරු පැදියේ ගැට ගසාගෙන ගිය සැමියා (VIDEO)

බිරිදගේ මිනිය යතුරු පැදියේ ගැට ගසාගෙන ගිය සැමියා (VIDEO)

නාග්පූර්හිදී වේගයෙන් ධාවනය වූ ට්‍රක් රථයකට තම බිරිඳ යටවීමෙන් පසු 35 හැවිරිදි පුද්ගලයෙකු ඇගේ අප්‍රාණික සිරුර බයිසිකලයේ බැඳ නාග්පූර්-ජබල්පූර් ජාතික අධිවේගී මාර්ගයේ ගමන් කළ දර්ශනයක් ඉන්දීය මාධ්‍ය තුල විශාල කතා බහක් ඇතිකර තිබෙනවා.

අදාල කාන්තාවගේ සැමියා උදව් ඉල්ලා කෑගසා ඇතත් කිසිවකුගේ අවධානයට ලක් නොවීමෙන් ඔහු සිය බිරිදගේ මළ සිරුර මෙලෙස යතුරු පැදියේ ගැටගසා මා‍ර්ගයේ ගමන් කර තිබෙන බවයි.

අමිත් යාදව් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයා අධිවේගී මාර්ගයේ තම බිරිඳගේ මළ සිරුර රැගෙන යන ආකාරය දැක්වෙන කැළඹිලි සහගත වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වෛරල් වෙමින් පවතින බව සැලයි.

පසුව යතුරුපැදිය නැවැත්වූ පොලිසිය මෙම දර්ශනය රූගත කර ඇති බව වාර්තා වනවා.

අගෝස්තු 9 වන දින රක්ෂා බන්ධන් දිනයේදී මෙම යුවළ නාග්පූර්හි ලොනාරා සිට මධ්‍ය ප්‍රදේශ්හි කරන්පූර් දක්වා ගමන් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.

මෝර්ෆාටා ලෙස හැදින් වෙන ප්‍රදේශයේ දී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් ඔවුන් ගමන් ගත් යතුරු පැදියේ ගැටී ඇති අතර ගයර්සි නම් කාන්තාව පාරට වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් අනතුරට ලක්කල ට්‍රක් රථය නතර නොකර පලා ගොස් තිබෙනවා.

කාන්තාවගේ සැමියා මගීන්ගෙන් උදව් පැතීමට උත්සාහ කළ නමුත් කිසිවෙකු නතර නොකළ බව පොලීසිය කළ විම සීමේ දී අණාවරනය වුණා.

කිසිදු උදව්වක් නොමැතිව, අමිත් තම බිරිඳගේ දේහය මධ්‍ය ප්‍රදේශ්හි ඔවුන්ගේ ගමට ගෙන යාම සඳහා ඔහුගේ බයිසිකලයේ ගැට ගසා ඇත්තේ ඉන් පසුවයි.

ටික වේලාවකට පසු, පොලිස් වෑන් රථයක් ඔහු පසුපස ගොස් නතර කර තිබෙනවා.

පසුව ඔවුන් කාන්තාවගේ දේහය නාග්පූර්හි ඉන්දිරා ගාන්ධි වෛද්‍ය විද්‍යාලයට පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යවා හදිසි මරණයක් ලෙස නඩුවක් ගොනු කර තිබෙනවා.

Share This