බිරින්දෑවරු තිදෙනෙක් සමග ජීවත්වන අමෙරිකානුවා (PHOTOS)

බිරින්දෑවරු තිදෙනෙක් සමග ජීවත්වන අමෙරිකානුවා (PHOTOS)

භාර්යාවන් තිදෙනෙකු සිටින අමෙරිකානු ජාතිකයකුගේ සාම්ප්‍රදායික නොවන සබඳතාවක් පෙන්වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

ව්‍යවසායකයෙකු වන Mazayah Andrews නම්වූ මෙම පුද්ගලයා Stephanie, Rose සහ Dezaray සමඟ විවාහ වී සිටින බවයි Daily Star පුවත්පත වාර්තා කරන්නේ.

ඔහු Stephanie සමග වෙන් වී පසු කාලයකදී Rose සමග පෙම් සබඳතාවක් ආරම්භ කර තිබෙනවා.

Stephanie ඔහු සමග නැවත එක් වූ විට, ඔවුන් Roseව ඔවුන්ගේ සම්බන්ධතාවයේ තබා ගැනීමට තීරණය කළා.

පසු කාලයකදී Stephanie සහ Rose යන දෙදෙනාගේම කැමැත්ත අනුව Dezaray ඔවුන්ගේ සම්බන්ධතාවයට එකතු කරගෙන තිබෙනවා.

Dezarayගේ පැමිණීමත් සමග ඔවුන්ගේ සම්බන්ධතාවය විනෝදජනක වූ බවයි Rose පවසන්නේ.

Stephanieට දරුවන් දෙදෙනෙකුද සිටිනවා.

කාන්තාවන් තිදෙනා සහෝදරියන් තිදෙනෙකු ලෙසින් එකට ජිවත් වන අතර ඔවුන් තමන් සමග කාලය සමව බෙදා ගන්නා බවයි Mazayah Andrews සඳහන් කරන්නේ.

ඔහුගේ භාර්යාවන්ගේ ශරීරය නියම හැඩයට පවත්වා ගැනීමට ඔහු නිර්ලෝභීව මුදල් වියදම් කරන බවද සඳහන්.

මේ සිව්දෙනාගේ සම්බන්ධතාව මේ වන විට මුළු අමෙරිකාවේම අවධානය යොමු වී ඇති අතර ඔවුන්ගේ බහුවිධ සම්බන්ධතාවය සාකච්ඡා කිරීම සඳහා AfroTv සහ TrulyTv වැනි රූපවාහිනී වැඩසටහන් වල පෙනී සිටීමටද ඔවුන්ට ආරාධනා ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This