බිහිසුණු අනතුරට පසු ‘ ඇල්ලූ ‘ සැකකරුවන් තිදෙනා

බිහිසුණු අනතුරට පසු ‘ ඇල්ලූ ‘ සැකකරුවන් තිදෙනා

ඉතාලියේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් සංක්‍රමණිකයන් 64 දෙනෙකු මිය යාමෙන් පසු පුද්ගල ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තුර්කි ජාතිකයෙකු සහ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකුයි.

පුද්ගලයන් 200ක් පමණ රැගෙන ගිය මෙම යාත්‍රාවේ සිටි බොහෝ දෙනා ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, සෝමාලියාව, සිරියාව, ඉරාකය සහ ඉරානය යන රටවලින් පැමිණි අය බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා විසින් මෙම අයහපත් කාලගුණික තත්ත්වයන් නොතකා තුර්කියේ ඉස්මීර් සිට ඉතාලියේ කැලබ්‍රියා දක්වා බෝට්ටුව යාත්‍රා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔවුන් සංක්‍රමණිකයන්ගෙන් ඩොලර් 8,500 පමණ මුදලක් ඉල්ලා ඇති බවද එරට පොලිසිය සඳහන් කරනවා

යාත්‍රාව ක්‍රෝටෝන් ප්‍රදේශයට පැමිණීමට උත්සාහ කිරීමේදී අයහපත් කාලගුණික තත්ත්වය තුළ ගල් මත වැදීමෙන් පසුව එය ගිලී ගොස් ඇති බවයි පැවසෙන්නේ

වෙරළාරක්ෂක බළකාය පැවසුවේ පුද්ගලයන් 80 දෙනෙකු ජීවතුන් අතර සිටින බවයි

යාත්‍රාවේ සිටි බොහෝ සංක්‍රමණිකයන් ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණ ඇති බව ගලවාගැනීම්කරුවන් පවසා ඇති අතර පාකිස්ථානය පවසා ඇත්තේ තම පුරවැසියන් 16 දෙනෙකු ව්‍යසනයෙන් දිවි ගලවා ගත් නමුත් හතර දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි.

Share This