බීජිං සීතු සෟතු ඔලිම්පික් උළෙලට එරෙහිව ඉන්දියාවේ විරෝධතා
බීජිං සීත සෟතු ඔලිම්පික් උලෙළට එරෙහිව ඉන්දියාවේ ධර්මශාලා නගරයේ දී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
අධික වර්ෂාව මධ්‍යයේ පැවැත් වූ මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ටිබෙටයේ නිදහස සදහා වන ශිෂ්‍ය ව්‍යාපාරය විසින්.
චීනය විසින් මේ වන විට ටිබෙටයේත්, හොංකොංහිත්, ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේත් දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල නිරත වෙමින් සිටින බව විරෝධතාවයට එක්ව සිටි පිරිස එහිදී සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
චීනයේ එම වැඩපිලිවෙළ උත්කර්ෂයට නංවා ගැනීමට ඔලිම්පික් උළෙල අවස්ථාවක් කර ගැනීමට ඉඩ නොතබන්නැයි ද විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියා.
ඔලිම්පික් උළෙල පැවැත්වෙන අතරවාරයේ මානව හිමිකම් විරෝධී හැසිරීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් චීනයේ විශේෂ අවධානයක් යොමු කරවා ගැනීමට අන්තර්ජාතික ප්‍රජාවේ අවධානය යොමු විය යුතු බවයි විරෝධතාකරුවන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ