බීජිං හි රෝහලක ගින්නක් – 29ක් මරුට (VIDEO)

බීජිං හි රෝහලක ගින්නක් – 29ක් මරුට (VIDEO)

බීජිං හි රෝහලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් 29 දෙනෙකු මිය ගොස් ඇති බව බිබිසී පුවත් සේවය වාර්තා කරනවා

එමෙන්ම මෙම සිදුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් රඳවාගෙන ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රෝගීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ

බීජිං හි Changfeng රෝහලේ මෙම ගින්න හටගෙන තිබෙනවා .

බේරාගත් පිරිස මේ වනවිට ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත යොමුකර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අය අතර රෝහලේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරන ආයතනයේ ප්‍රධානියා ද වන බවයි වාර්තා වන්නේ

ගිනි නිවන භටයින් 70 දෙනෙකු පමණගේ සහභාගිත්වයෙන් පැයක් ඇතුළත ගින්න නිවා දැමූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This