බීමත්ව රේල් පාරේ නිදා ගෙන දුම්රියේ හැපී ජීවිතක්ෂයට-මරණ පරික්ෂණයේදී කොවිඩ් බවට තහවුරු වෙයි

බීමත්ව රේල් පාරේ නිදා ගෙන දුම්රියේ හැපී ජීවිතක්ෂයට-මරණ පරික්ෂණයේදී කොවිඩ් බවට තහවුරු වෙයි

කොටහළු මගුලකට ගොස් අධික ලෙස බීමත්ව නිවෙසට යන අතරතුර දුම්රිය මාර්ගයේ නිදා ගත් පුද්ගලයකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය සඳහන් කරන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මෙසේ මියගොස් ඇත්තේ නම් වයස 55ක ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

මියගිය අය පිළිබඳ මරණ පරික්ෂණයට පෙර සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වැළඳී ඇති බවටද  තහවුරු වී තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකට යටවී මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මෙම පුද්ගලයා සමග එකට මත්පැන් පානය කළ පුද්ගලයන්ට සහ එම සාදයට සහභාගී වූ පුද්ගලයන්ට කොවිඩ් රෝගය වැළදීමේ අවදානමක් තිබෙන බවද  උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කරනවා.

Share This