බීමත් නියමුවා නිසා අවලංගු වූ ගුවන් ගමන

බීමත් නියමුවා නිසා අවලංගු වූ ගුවන් ගමන

ස්කොට්ලන්තයේ Edinburgh සිට New York බලා යාමට නියමිතව තිබූ ගුවන් යානයක් එහි ගුවන් නියමුවා බීමතින් සිටීම හේතුවෙන් අවලංගු කර තිබෙනවා.

යානය ගුවන්ගත වීමට පෙර 61 හැවිරිදි වියේ පසුවන එහි නියමුවා බීමතින් සිටින බව අනාවරණය වීමත් සමග ගුවන් ගමන අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව බීමතින් සිටි ගුවන් නියමුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගුවන් ගමන අවලංගු කිරීම හේතුවෙන් එහි ගුවන් මගීන්ට නවාතැන් පහසුකම් ලබා දීමට ද ස්කොට්ලන්ත බලධාරීන්ට සිදුව ඇති අතර එරට ගුවන් තොටුපළ බලධාරීන් මගීන්ගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් නියමුවාට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහුට උපරිම වසර දෙකක සිර දඬුවමක් නියම වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This