බීමතින් රිය පදවා සිදුවූ අනතුරකින් පසු නවසීලන්තයේ ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

බීමතින් රිය පදවා සිදුවූ අනතුරකින් පසු නවසීලන්තයේ ඇමතිවරියක් ඉල්ලා අස්වෙයි

නවසීලන්තයේ වෙලින්ටන්හි සිදුවූ රිය අනතුරකින් පසු එරට අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

39 හැවිරිදි Kiri Allan ට නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ අත්අඩංගුවට ගැනීමට එරෙහි වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා

රිය පදවන අවස්ථාවේ බීමතින් සිටීම මෙන්ම ඒ සඳහා වූ පරීක්ෂණයකින් අසමත් වීමද හේතු වී ඇති බවයි පැවසෙන්නේ

ඊයේ (23) රාත්‍රියේ වෙලින්ටන්හිදී සිදුවූ මෙම අනතුරෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

අත්අඩංගුවට ගැනීමෙන් පසු Kiri Allan පැය හතරක් පොලිස් ස්ථානයක රඳවාගෙන සිටි අතර පසුව ඇයව නිදහස් කර තිබෙනවා

ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This