
බුත්තල – කතරගම මාර්ගයේ වන අලියෙක් කෑම සොයා වෑන් රථයකට පහර දෙයි (VIDEO)
බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලින් ලබාදෙන ආහාර බලාපොරොත්තුවෙන් වන අලි මග දෙපස රැඳී සිටින ආකාරය නිරන්තරයෙන් දක්නට හැකියි.
වනඅලින්ට ආහාර ලබානොදෙන ලෙස වනජීවි නිලධාරීන් විසින් සංචාරකයින් දැනුම්වත් කළ ද ඒ කිසිදු දැනුම්දීමක් නොසලකා වන අලීන්ට ආහාරදීමට මාර්ගයේ ගමන් කරන පිරිස් පුරුදුව සිටිනවා.
මේ අකාරයට මාර්ගය අසල රැදී සිටි වන අලියෙකුට ආහාර ලබාදුන් වෑන් රථයකට එම අලියා තවත් ආහාර බලාපොරොත්තුවෙන් පහරදෙන ආකාරය වීඩියෝගත කර තිබුණා.
මෙම මාර්ගයේ නිරන්තරයෙන් වන අලි පහරදීම් වාර්තා වන අතර එබැවින් බුත්තල – කතරගම මාර්ගයේ ගමන් කිරීමේ දී වන අලින්ට ආහාර ලබා දීමෙන් වැලකී සිටින ලෙස බලධාරීන් විසින් තරයේ දැනුම් දෙනවා.