
බුත්තල – ගෝනගංආර රක්ෂිතයේ කංසා වගාවක් වනසයි
බුත්තල, ගෝනගංආර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ගෝනගංආර , යාල රක්ෂිතයේ පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා තිබෙනවා.
එම කංසා හේනේ ඉතාමත්ම සරුවට වගා කර තිබූ විවිධ උස ප්‍රමාණයෙන් යුතු කංසා ගස් ලක්ෂ දෙකකට වඩා පොලිස් නිලධාරීන් විනාශ කර දැමීමට කටයුතු කළ අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය සඳහන් කළා.
වැටලීම සිදු කල අවස්ථාවේ දී සැකකරුන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීම සදහා විර්මශන ක්‍රියාත්මකයි.
