
බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන අගමැතිනිය මුණ ගැසේ
බුද්ධිමය දේපළ, නවෝත්පාදනය සහ නිර්මාණශීලිත්වය සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පැවැත්වූ 2025 WIPO සම්මාන උළෙලේ “බුද්ධිමය දේපළ සඳහා වූ ගෝලීය සම්මානයෙන්” පිදුම් ලැබූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද මුණ ගැසුණා.
ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය හේතුවෙන් අවහිර වන විවෘත කාණු පද්ධති සඳහා විසඳුමක් ලෙස ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය විසින් නිමවන ලද ස්මාර්ට් කාණු පද්ධති සංකල්පය ජයග්‍රහණය කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවති WIPO සම්මාන උළෙලේ දී රටවල් 95 ක් සහ ආයතන 780 ක් අතරිනුයි.