බුද්ධියෙන් ලොව අල්ලන ඉන්දියාව – අමෙරිකාවේ ජනපති ධූරයත් ඉන්දියාවට ?

බුද්ධියෙන් ලොව අල්ලන ඉන්දියාව – අමෙරිකාවේ ජනපති ධූරයත් ඉන්දියාවට ?

අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනට පිවිසීමට මේ වන විට සැලසුම් කර ඇති රිපබ්ලිකානුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියානු-ඇමරිකානුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය අපේක්ෂකයන් අතර, නිකී හේලි සම්බන්ධයෙන් මීට පෙර තොරතුරු වාර්තා වූ නමුත් විවේක් රාමස්වාමි ගැන එතරම් තොරතුරු වාර්තා වී තිබුණේ නැහැ.

ඔහු එතරම් ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ අයෙක් නොවන නමුත්, අමෙරිකාවේ වෙසෙන කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන් ම කතුවරයෙකු වශයෙන් ද ප්‍රකටයි.

තමා අමෙරිකානු ජනාධිපති අපේක්ෂකත්වයට තරග වැදීමට සූදානමින් සිටින බව විවේක් රාමස්වාමි ප්‍රකාශ කර සිටියේ පසුගියදා Fox News වැඩසටහනකට සහභාගී වෙමින්.

“විශිෂ්ටත්වය හඹා යාම” මත පදනම්ව “නව ඇමරිකානු සිහිනයක් නිර්මාණය කිරීම සඳහා සංස්කෘතික ව්‍යාපාරයක්” දියත් කිරීම තම අරමුණ බවයි ඔහු එම වැඩසටහනේදී කියා සිටියේ,

විවේක් රාමස්වාමි මේ වනවිට 37වන වියේ පසුවන අතර හාවඩ් සහ යේල් විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ජෛව තාක්‍ෂණ ව්‍යවසායකයෙකු ලෙස මිලියන ගණනක වත්කමක් උපයා ගත් අයෙක් වනවා.

මේ වන විට ලොව ප්‍රමුඛ පෙලේ රටවල් ගණනාවක ඉහළ පෙළ තනතුරු හොබවන අය අතර ඉන්දියානු සම්භවයක් ඇති පිරිස්වල නැගී ඒමක් පෙනෙන්නට තිබීම විශේෂත්වයක්.

ඒ අතරින් ඇමෙරිකානු උප ජනාධිපති ධූරය දරන කමලා හැරිස් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය දරන රිෂී සුනාක් කැපී පෙනෙන චරිත වනවා.

Share This