
බුදු පිළිමයක් සොරකම් කළ හිමිනමක් හා තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
රඹුක්කන පුවක්මොටේ ප්‍රදේශයේ විහාරස්ථානයක් බිඳ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මිලකළ නොහැකි සැතපෙන බුදු පිළිමයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක් හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුගිය 12 වනදා රඹුක්කන පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ
අත්අඩංගුවට ගත් හිමිනම වයස අවුරුදු 33ක් වන යටගම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බව සඳහන්
අනෙක් සැකකරුවන් අවුරුදු 24 හා 44 යන වයස්වල පසුවන යටගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සොරකම් කරන ලද සැතපෙන බුදු පිළිමය පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා