බුර්කිනා ෆාසෝහි නව ප්‍රධානී කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රෝරේ

බුර්කිනා ෆාසෝහි නව ප්‍රධානී කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රෝරේ

බුර්කිනා ෆාසෝහි නව ප්‍රධානී ලෙස කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රෝරේ පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කලාපයේ ලාබාලතම නායකයා ඔහු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

කපිතාන් ඉබ්‍රාහිම් ට්‍රෝරේ ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් සැප්තැම්බර් 30 වනදා එරට බලය අල්ලාගනු ලැබූ අතර
ලුතිනන් කර්නල් පෝල්-හෙන්රි දමිබා බලයෙන් පහ කර තිබෙනවා

ඒ අනුව ලුතිනන් කර්නල් දමිබාගේ ඉල්ලා අස්වීමද මේ වනවිට භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

34 හැවිරිදි කපිතාන් ට්‍රෝරේ 2009 දී සිය හමුදා දිවිය ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This