බුර්කිනා ෆාසෝ සහ රුසියාව අතර න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට අවබෝධතා ගිවිසුමක්

බුර්කිනා ෆාසෝ සහ රුසියාව අතර න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට අවබෝධතා ගිවිසුමක්

බුර්කිනා ෆාසෝ සහ රුසියාව අද (13) බටහිර අප්‍රිකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම ගිවිසුම ජුලි මාසයේදී මොස්කව්හි පැවති රුසියානු-අප්‍රිකා සමුළුව අතරතුර බුර්කිනාහි හමුදා පාලක කපිතාන් Ibrahim Traore රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග පැවැත්වූ සාකච්ඡාවලදී තීරණය කරගත් එකක් බවයි පැවසෙන්නේ

ඒ අනුව 2023 රුසියානු බලශක්ති සතියට සමගාමීව රුසියානු ෆෙඩරල් පරමාණු බලශක්ති ඒජන්සිය වන Rosatom සහ Burkinabe බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරෙනු ඇති .

හිටපු යටත් විජිත බලවතා වන ප්‍රංශය ඇතුළු බොහෝ සාම්ප්‍රදායික බටහිර හවුල්කරුවන් සමග විරසක වී ඇති බුර්කිනා ෆාසෝ ආර්ථික හා මිලිටරි සහාය ලබා අග්නිම සඳහා රුසියාව දෙසට යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This