බූස්ටර් එන්නත  දීමට ගත් තීරණයෙන් ඔමික්‍රෝන් පැතිරීම වැළකෙයි – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

බූස්ටර් එන්නත දීමට ගත් තීරණයෙන් ඔමික්‍රෝන් පැතිරීම වැළකෙයි – රාජ්‍ය ඇමති චන්න ජයසුමන

දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුනක් ඉක්මවූ පුද්ගලයන්ට තුන්වන මාත්‍රාව ලබා දීමට රජය ගනු ලැබූ සෘජු තීරණය හේතුවෙන් මෙරට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා .

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

ඔමික්‍රෝන් ප්‍රභේදය, අමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල දරුණු වසංගත තත්ත්වයක් ලෙස පැතිරෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් උදා නොවූයේ කොරෝනා ප්‍රතිශක්තිකරණ දෙවැනි මාත්‍රාව ලබා දීමෙන් මාස තුනකට පසුව බූස්ටර් එන්නතක් ලබාදීම නිසා බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

මෙවැනි ආකාරයේ තුන්වැනි මාත්‍රාව ලබා දීම පිළිබඳ විවිධ පාර්ශ්වයන්ගෙන් විවිධ චෝදනා එල්ලවන මොහොතක තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට රජය විසින් ගනු ලැබූ සෘජු තීරණය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට හැකියාව ලැබුණු බවයි  රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙරට සියලු දෙනාට අවශ්‍ය තුන්වැනි මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය මේ වන විට රටට ගෙන්වා ඇති බැවින් ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරට තුළ පැතිරීයාම වළක්වා ගැනීම සඳහා දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් ඉක්මවූ සියලු දෙනා තුන් වන මාත්‍රාව ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

Share This