
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම ගැන පුළුල් විමර්ශනයක්
බූස්ස බන්ධනාගාරයේ රැදවියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් අනුවයි
පසුගිය 04 වැනිදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා
එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙනවා
සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙසයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ