බෙලරූස්වලින් ඇවිත් කංසා වවලා පොලීසියට මාට්ටු

බෙලරූස්වලින් ඇවිත් කංසා වවලා පොලීසියට මාට්ටු

අක්මීමන පොලිස් වසමේ ගංජා වගාකළ විදේශිකයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කුලියට ගෙන තිබූ ‘විලා එකක’ ඇතුළත මෙම ගංජා වගාකර තිබෙන බවට පොලීසිය ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කළා.

එහිදී අනාවරණය වූයේ කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට අයත් මෙම විලා එක බෙලරුස් ජාතිකයෙක් වන මොහු මසකට රුපියල් 150,000/-ක කුලියකට ලබාගෙන සිට ඇති බවයි.

මෙම ගංජා වගාවට අවශ්‍ය පෝෂණය නියමිත පරිදි ලබාදීම සදහා අවශ්‍ය වාතාවරණය සකසා ඇතුළත රහසිගතව වගාව පවත්වාගෙන ගොස් තිබුණා.

Share This