
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයකු මුහුදට ඇද වැටී මරුට
බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගිය ධීවරයෙක් මුහුදට වැටී මියගොස් ඇති බව බේරුවල පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ මෙසේ මියගොස් ඇත්තේ බේරුවල,ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී ධනුෂ්ක ලක්මාල් නමැති 21 හැවිරිදි පුද්ගලකු බවයි.
මෘතදේහය අද දහවල් බේරුවල ධීවර වරාය මධ්‍යම යාන්ත්‍රික වැඩපල වෙත රැගෙන විත් තිබෙනවා.