
බේරුවල නගර සභාවේ බලය මාලිමාවට – ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් කුපිත වී කෑගසයි(VIDEO)
බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 7ක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක්, ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 3ක්
ලෙස සභිකයින් තේරී පත්ව සිටියා.
ඒ අනුව බේරුවල නගරසභාව පළමු රැස්වීම පසුගිය මස 19 වනදා පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය අවලංගු වුණා.
මෙම තීරණය ගනුණේ පළාත් පාලන අභියාචනාධිකරණයේ නඩුවට අදාළව දුන් නියෝගයකට අනුවයි.
ඒ සම්බන්ධ නියෝගය සභාවට කොමසාරිස්වරිය විසින් එදින ඉදිරිපත් කරනු ලැබුවා.
අද පළමු සභාවේ කටයුතු පෙරවරු නමයයි තිහට ආරම්භ කළත් සභාවේ සභාපතිතුමා තේරීම රහසිගතගතවද, විවෘතවද පැවැත්විය යුත්තේ සහ සභාවේ කාර්ය පටිපාටිය කරගෙන යාම පිළිබඳව අධිකරණයේ අවසන් තීරණය ලැබෙන තෙක් පෙරවරු 10.00 තෙක් බලා සිටීමට ද සිදුවුණා.
පසුව අධිකරණ තීරණය ලැබුණේ කොමසාරිස්වරිය පෙර කටයුතු කළ ආකාරයටම කටයුතු කරන ලෙසටයි.
මෙහිදී සභාපති ධුරය සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 01 හි මොහොමඩ් ෆලීල් මොහොමඩ් අසාම් සහ ජාතික ජනබල වේගයේ මොහොමඩ් අසාර් මොහොමඩ් මබාසිම්
තරග වැදුණා.
ප්‍රථමයෙන් රහසිගතවද, විවෘතවද යන්න බහුතර මතය විමසීමේදී 9 ට 7ක් ලෙස විවෘත ඡන්ද ක්‍රමය ජයග්‍රහණය කළා.
ඉන්පසුව විවෘත ඡන්ද ක්‍රමය යටතේ පැවැති ඡන්ද විමසීමේ දී 9ට 7ක් ලෙස ක්ඩ්තික ජනබල වේගයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරමින් බේරුවල නගර සභාවේ සභාපති ලෙස මොහොමඩ් අසාහිර් මොහොමඩ් මබාසිම් පත් වුණා.
පසුව ස්වාධීන කණ්ඩායමේ සියලු දෙනා බැන වදිමින් සභාවෙන් ඉවතට ගිය අතර පසුව ඒකමතිකව උපසභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ ඩී.විමලසිරි සිල්වා පත් වුණා.