
බේරුවල පොලීසියට පහරදුන් 05 ක් අත්අඩංගුවේ
බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය අතරතුර පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.
බේරුවල ප්‍රදේශයේ පිරිසක් විසින් සිදු කළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
බේරුවල ධීවර වරාය ආසන්නයේ පිරිසක් බෞද්ධ කොඩි එල්ලමින් සිටියදී එම මාර්ගය අවහිර නොකරන ලෙසට පොලිසිය උපදෙස් ලබාදී ඇති අතර, එහිදී දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස්වීම දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකළ බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මේ අතර, පලාගිය ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
මෙවන් පසුබිමක අත්අඩංගුවේ පසුවන පිරිසට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් හා ඥාතීන් එක්ව අද බේරුවල පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.