බොරතෙල් අපනයනය ගැන රුසියාව දැඩි තීන්දුවක් ගනී

බොරතෙල් අපනයනය ගැන රුසියාව දැඩි තීන්දුවක් ගනී

රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් 60 කට වඩා වැඩි මුදලකට මිලදී නොගැනීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව අදාළ තීරණය ලබන සදුදා (05) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

මේ තුළින් රුසියාවේ ආදායම් සීමා කරමින් එරට ආර්ථිකයට බලපෑම් කිරීමට අදාළ බටහිර රටවල් උත්සහ කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළා.

කෙසේ වෙතත් ඔවුන්ගේ එම තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාව අවධාරණය කරන්නේ සිය මිලට බොරතෙල් මිලදී ගැනීමට කටයුතු නොකරන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

Share This