බොරලැස්ගමුව වෙඩී තැබීමට යොදාගත් ත්‍රිරෝද රථය සෙයා ගනී (VIDEO)

බොරලැස්ගමුව වෙඩී තැබීමට යොදාගත් ත්‍රිරෝද රථය සෙයා ගනී (VIDEO)

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද සොයා ගත් බවයි.

බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ ගල්කිස්ස, ටෙම්පල් පාරේ, නො 95/20/A හි පදිංචි ගල්පොත්තගෙ ෂෙහාන් දුලාන් පෙරේරා නමැති 21 හැවිරිදි ත්‍රීවිල් රියදුරෙක්.

Share This