බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය තැබූ දරුවා හෙළිකළ වැඩිදුර තොරතුරු

බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය තැබූ දරුවා හෙළිකළ වැඩිදුර තොරතුරු

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබූ පිපිරීමට සකස් කරන ලද අත්බෝම්බය සම්බන්ධයෙන් සාක්ෂියක් ඉදිරිපත් කිරීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (12) රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

ඒ අනුව පල්ලියේ යම් යම් කටයුතු සම්බන්ධයෙන් පැමිණෙන මෙම දරුවා අදාළ ජීව අත්බෝම්බය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය කළ බවත්, ඒ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පල කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කරනු ලැබුවා.

මෙම ජීව අත්බෝම්බය බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී පෙරේදා (11) සොයාගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළ අතර, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව පොලිස්පති නියමයෙන් මෙම සිද්ධිය තම කොට්ඨාසයට භාරදුන් බවත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පල්ලියේ යම් යම් කාරණා ආදියේදී අදාළ සාක්ෂිකාර දරුවා සහභාගී වී ඇති බවත් ඔහු මෙම බෝම්බය සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් අනාවරණය කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වන වගන්තිය ප්‍රකාරව එම දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර ලබාදී තිබුණා.

Share This