බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධිය ගැන CCTV ඔස්සේ පරීක්ෂණ  (CCTV VIDEO)

බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධිය ගැන CCTV ඔස්සේ පරීක්ෂණ (CCTV VIDEO)

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවුණා.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි.

ඊයේ පස්වරුවේ 4.45ට පමණ බොරැල්ල, කාදර්, නානාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමත් සිදු වුණා.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මැගසිනයක් සහ පතොරමක් සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීම සිදුවන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

ඊයේ පස්වරුවේ සිදුවූ එම වෙඩි තැබීමත් සමඟ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති වෙඩි තැබීම් සංඛ්‍යාව 86ක්.

ඉන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 49ක්.

මේ අතර යාපනය කොටඩි ප්‍රදේශයේ කැනීමක් කරමින් සිටියදී ටී 56 වර්ගයේ රයිෆල් 30ක් සහ ඒවාට භාවිත කරන කාට්රිඡ් 5000ක් සොයාගෙන තිබෙනවා.

Share This