බොරැල්ල සර්පන්ටයින් වෙඩි තැබීමට සැකපිට 2 ක් අල්ලයි

බොරැල්ල සර්පන්ටයින් වෙඩි තැබීමට සැකපිට 2 ක් අල්ලයි

බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ වෙළඳසැලක සිටි තරුණයෙකුට මේ මස 08 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පස්වරුවේ බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් බවට 30 හැවිරිදි පුද්ගලයෙකු එම අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක් ද සමඟ අත්අඩංගුවට ගත් බවයි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත අනාවරණ වූ තොරතුරු මත එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 36 හැවිරිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.

එම සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ අංක තහඩුවක්, කඩුවක් සහ අපරාධකරුවන් ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය සහ ජංගම දුරකථනයක් ද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

Share This