බොරැල්ල, සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට

බොරැල්ල, සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට

බොරැල්ල, සහස්පුර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බවයි.

මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු මේ වනවිට දින තුනක රැදවුම් නියෝග මත රදවගෙන ප්‍රශ්න කරමින් සිටින බව සදහන්.

පසුගිය 7 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ අතර, එහිදී තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල්ගත කළා.

කෙසේ නමුත් ඉන් දෙදෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 

Share This