බොලිවුඩයට මොකද වෙන්නේ ? තිර රචකයින් කනස්සල්ලෙන්

බොලිවුඩයට මොකද වෙන්නේ ? තිර රචකයින් කනස්සල්ලෙන්

ලිවීම හුදකලාව සිදු කරන කලාවක් වන අතර ඉන්දියාවේ බොලිවුඩයේ බොහෝ තිර රචකයින් මෙයින් ලාභ නොලබන බව වාර්තා වනවා.

තිර රචකයෙකු විවේකීව තිර රචනය සිදු කළහොත් එය සාර්ථක චිත්‍රපටයක් වන අතර එහිදී ඔවුන්ටද ගෞරවය හිමි වනවා.

නමුත් එතෙක් ඔවුන්ට තිර රචනය වෙනුවෙන් ලබාදෙන මුදල අවිනිශ්චිත වන බවයි සඳහන් වන්නේ.

තිර රචකයින් පවසන පරිදි ඊට ප්‍රධාන හේතුව වන්නේ නිෂ්පාදකයාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර ඇති ගිවිසුම්වලට අත්සන් කිරීමට සිදු වේ.

බොහෝ ගිවිසුම්වල අත්තනෝමතික වගන්ති ඇති අතර ඔවුන්ගේ වේතනය වශයෙන් ලබාදෙන්නේ ඉතා සුළු මුදලක් බවයි තිර රචකයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන අන්ජුම් රාජබාලි පවසන්නේ.

එමෙන්ම මෑතකදී පටන් පූර්වාරක්ෂාවක් ලෙස, නිෂ්පාදකයින් විසින් තිර රචනය අනුමත කිරීම සඳහා නීතිඥයින්ගේ සහය ලබා ගැනීමටද පටන් ගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් නිරන්තරයෙන් අසාධාරණයට ලක්වන තිර රචකයින් සියලුදෙනාටම සාධාරණයක් ලබාදෙන තෙක් ඔවුන්ගේ අඛණ්ඩ විරෝධය පළ කරන බවයි බොලිවුඩයේ තිර රචකයින්ගේ සංගමයේ සාමාජිකයින් සඳහන් කරන්නේ

Share This