
බොලිවුඩ් සිනමාවේ බොක්ස් ඔෆිස් කුණාටුවක් වූ සයියාරා
ඉන්දීය බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ මෝහිත් සූරිගේ සයියාරා චිත්‍රපටය මෙතෙක් ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා බිද දමන්නට සමත්ව තිබෙනවා.
ආදර කතාවක් පදනම් කරගත් සයියාරා චිත්‍රපටය ඉන්දියාවේ තිරගතවීම ආරම්භ කෙරුණේ පසුගිය 18 වැනිදායි.
පළමු දිනයේදීම ඉන්දියානු රුපියල් කෝටි 25 ක් (ආසන්න වශයෙන් ඩොලර් මිලියන 2.9 ක්) ඉපයීමට මෙම චිත්‍රපටය සමත්ව තිබෙනවා.
ප්‍රථම රංගනය ඇතුලත් අහාන් පාණ්ඩේ සහ අනීත් පඩ්ඩා රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ ආරම්භක දිනයේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ චිත්‍රපටය ලෙස වාර්තා පොත් අලුත් කරමින් තිබීම විශේෂයි.
සයියාරා චිත්‍රපටය ඉන්දියාවේ යාශ්රාජ් චිත්‍රපට සංඛ්‍යා ලේඛනවලට අනුව ජූලි 18 වන දින නිකුත් කරන ලද , පළමු දිනයේ සිනමාහල්වල ලක්ෂ 9.75 කට ආසන්න පිරිසක් චිත්‍රපටය නැරඹා තිබෙනවා.
එය 2018 දී ධහදක් චිත්‍රපටය (Dhadak) ඉපයූ රුපියල් කෝටි 8.76 ක වාර්තාව අභිබවා යාමක් වනවා.
සයියාරා චිත්‍රපටය නිකුත් වීමට පෙර රුපියල් කෝටි 9.39 ක පෙර වෙන්කිරීම් වාර්තා කර තිබූ අතර, ටිකට්පත් ලක්ෂ 3.8 ක් අලෙවි වී තිබෙනවා.
කහෝ නා… ප්‍යාර් හේ සහ රෙෆුජි චිත්‍රපට ෛහළ ආදායම් උපයා ප්‍රධාන පුවත් මැවූ 2000 වසරෙන් පසු මංගල චිත්‍රපටයක් සඳහා වූ ඉහළම ආරම්භක දින ටිකට්පත් අලෙවිය මෙයයි.
මෝහිත් සූරිගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකම ආරම්භය මෙම චිත්‍රපටය වනවා.
චිත්‍රපටයේ සාර්ථකත්වයේ වඩාත් කැපී පෙනෙන දෙය නම්, එය ඉන්දියාව පුරා තිරගත කිරීම් 8,000 කින් පමණක් මෙම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමයි.
එනම් එවැනි සාර්ථකත්වයක් සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වන සාමාන්‍ය සංදර්ශන 18,000 න් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් නව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.