බෝට්ටුවල සිටින සංක්‍රමණිකයන් 1,200ක් බේරා ගැනීමට මෙහෙයුම්

බෝට්ටුවල සිටින සංක්‍රමණිකයන් 1,200ක් බේරා ගැනීමට මෙහෙයුම්

ඉතාලි වෙරළාරක්ෂක බලකාය Sicily වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවල සිටින සංක්‍රමණිකයන් 1,200ක් පමණ බේරා ගැනීම සඳහා මහා පරිමාණ මෙහෙයුම් දෙකක් සිදු කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක් ධීවර බෝට්ටුවක 800ක් පමණ ගමන් කරන අතර තවත් බෝට්ටුවක 400ක් පමණ ගමන් කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ලිබියාවේ සිට පිටත් වූ බවට සැලකෙන පුද්ගලයන් 400 දෙනෙකු රැගත් එක් බෝට්ටුවක් වෙතට ඊයේ(10) සවස් වනවිටත් ගලවාගැනීමේ සේවකයින්ට ළඟා වීමට නොහැකිවී ඇති බවයි පැවසෙන්නේ.

මේ වනවිට එක් බෝට්ටුවක සිටි පුද්ගලයින් සමග සම්බන්ධ වී ඇති බවත් එය දැන් ගිණිකොන දෙසින් ඉතාලි මුහුදේ ඇති බවත් සඳහන් වනවා.

බෝට්ටුව පාවෙමින් පවතින අතර එහි කපිතාන්වරයා නොමැති බවත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනෙකු සිටින බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

අනෙක් බෝට්ටුවේ සිටින පුද්ගලයින් 800 දෙනා බේරා ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන නමුත් බෝට්ටුවේ අධික සෙනඟක් සිටීම නිසා මෙහෙයුම සංකීර්ණ වී ඇති බවයි ඉතාලි වෙරළාරක්‍ෂක නිලධාරීන් සඳහන් කරන්නේ.

මෙම බෝට්ටුව පිටත්ව ඇති ස්ථානය පිළිබඳව තවමත් පැහැදිලි නැති බවයි පැවසෙන්නේ

රටේ වෙරළාරක්ෂක බලකාය සිකුරාදා සිට සිදුකෙරෙන මෙහෙයුම්වලින්මව් වනවිට පුද්ගලයින් 2,000 ක් පමණ දැනටමත් බේරාගෙන තිබෙනවා

සංක්‍රමණය මැඩලීමට දරන උත්සාහයන් නොතකා, ඉතාලියට සංක්‍රමණිකයන් පැමිණීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා

Share This