බෞද්ධ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ආර්ථික සහනයක්

බෞද්ධ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ආර්ථික සහනයක්

ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් ශ්‍රී ලංකාවට පැමිණියහොත් රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට සැලකිවයුතු සහනයක් ලැබෙනු ඇති බව බුද්ධගයාවේ සංචාරයක නිරත ඉහල පෙලේ ශ්‍රී ලංකික භික්ෂුන් වහන්සේලා පිරිසක් පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම දූත පිරිසේ සාමාජික ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමියන් පවසා ඇත්තේ දලයි ලාමාතුමන් අනුව යමින් බෞද්ධ සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.

එය ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසදාගැනීමට විශාල පිටිවහලක් වනු ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම බෞද්ධ දූත පිරිස පසුගියදා බුද්ධගයාවේදී බෞද්ධ අධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන් මුණගැසී තවත් කරුණු රැසක් පිළිබද ව ද විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

Share This