
බෞද්ධ සහෝදරත්ව පදනමෙන් දඹවෙල විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක්
මහනුවර දඹවෙල කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ට පාසල් පාවහන් හා ලිපි ද්‍රව්‍ය බෙදාදීම බෞද්ධ සහෝදරත්ව පදනමේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා සහ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය අනුග්‍රහයෙන් සිදුකර තිබෙනවා.
උත්සව සභාව ඇමතු ආචාර්ය දමෙන්ද පෝරගේ මහතා පැවසූයේ දරුවන් ඉතා හොඳින් තම අධ්‍යාපනික ජීවිතය ජයගත යුතු බවත් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා භාවිත හොඳ මට්ටමක පවතින බවත් එය තවදුරටත් වර්ධනය කර ගනිමින් හෙට ලෝකය මේ දරුවන් දිනාගත යුතු බවයි.
සෑම දරුවෙක්ම සුවිශේෂී වන අතර ඔවුන් එකිනෙකාට වෙනස් වූ ශක්‍යතාවයන්ගෙන් පරිපුන් බව එම අවස්ථාවට එක්වූ ආචාර්ය ශර්මිලා මිල්රෝයි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.