
භාණ්ඩාගාරයෙන් තද තීරණයක් – තැපැල් වර්ජකයන්ට වැටුප් නැහැ (VIDEO)
විධිමත් ලෙස නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින සියලුම තැපැල් සේවකයන්ට අගෝස්තු මාසයට හිමි වැටුප ගෙවීමට මුදල් නිදහස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා
තැපැල්පතිවරයා විසින් මේ බව අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇති බව සඳහන්
තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්රියාත්මක වනවා
ඉල්ලීම් 19ක් මුල් කරගනිමිනුයි තැපැල් වෘත්තීය සමිති මෙම වෘත්තීය සමිති ක්රියාමාර්ගයේ නිරත වන්නේ