භාතියට ප්‍රතිකාර කරන්න පේරාදෙනිය පශුවෛද්‍ය පීඨයෙන් යයි

භාතියට ප්‍රතිකාර කරන්න පේරාදෙනිය පශුවෛද්‍ය පීඨයෙන් යයි

පොල්පිතිගම ප්‍රදේශයේ රෝගාතූරව සිටින ඇතාගේ ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරේ

මහව වනජීවී කලාපයේ පොල්පිතිගම ප්‍රදේශයේ දැනට රෝගාතුරව සිටින භාතිය ඇතාගේ ප්‍රතිකාර කඩිනම් කිරීම සහ ඇතාට අවශ්‍ය අනෙකුත් පහසුකම් සලසාදීමට කටයුතු යොදා තිබෙනවා.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරු පෙරේදා (4) දින ඇතා රෝගී වූ පොලිපිතිගම ප්‍රදේශයට ගොස් භාතියට ප්‍රතිකාර සදහා අවශ්‍ය උපදෙස් සදහා ඊයේ (5) ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය,ඇතිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සැළසීමට කටයුතු කර තිබුණා.

අද දින (6) උදෑසන පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ මහාචාර්ය දංගොල්ල , වෛද්‍ය තරිඳු , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඉසුරු ඇතුළු පශුවෛද්‍ය නිළධාරීන් මෙම ස්ථානයට පැමිණ ඇතාව නිරීක්ෂණය කළ බව පරිසර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසුවා.

මේ වන විට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය පවසන්නේ ඇතා පරීක්ෂා කර බැලීම සඳහා ඇතා සිටින වලේ ජලය අඩු කිරීම මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා රෝගී ඇතා ගොඩට ගන්නවාද නැතහොත් වලේ සිටියදීම ප්‍රතිකාර සිදු කරනවාද යන්න තීරණය කෙරෙනු ඇති.

යුද හමුදාවේ නිළධාරීන් සහ හමුදා භට පිරිස්වල සහය ද අද දින ලැබී ඇති අතර වනජීවී සංරක්ෂණ දෙපාරත්මේන්තුවේ නිළධාරීන් ද මෙම ස්ථානයේ රැඳී සිටිමින් රෝගී ඇතාට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරගෙන යමින් සිටිනවා.

 

 

 

Share This