භූමිකම්පාවෙන් පැය 105 කට පසුව ‘දරුවෙක්’ සුන්බුන් අතරින් ජීවත්වීමේ වරම් ලබයි

භූමිකම්පාවෙන් පැය 105 කට පසුව ‘දරුවෙක්’ සුන්බුන් අතරින් ජීවත්වීමේ වරම් ලබයි

තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් පසු තවදුරටත් මෙහෙයුම් සිදුකරන අතර භූමිකම්පාවෙන් පැය 105 කට පසුව තවත් කුඩා දරුවෙක් සුන්බුන් අතරින් මුදා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විනාශ වී ඇති කහරමන්මාරස් නගරයේ ඔහුගේ නිවසේ සුන්බුන් අතරින් ගැලවුම් කණ්ඩායම් මෙම දරුවා මුදා ගත් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දැඩි සත්කාර ඒකකයට ගෙන එන විට, ඔහුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අරාස් නැමති මෙම දරුවා දිවි ගලවා ගත්තත්, ඔහුගේ හත් හැවිරිදි සහෝදරිය, නව හැවිරිදි සහෝදරයා මෙන්ම පියා ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

දැන් 72 වැනි වියේ පසුවන ඔහුගේ සීයා පවසා තිබෙන්නේ ඉතිරි ජීවිත කාලයේදී අරාස්ව බලා ගන්නා බවයි.

අරාස්ගේ අම්මාද දිවි ගලවා ගෙන ඇති අතර මේ වනතුරුත් අරාස්ව දැක නැති බවයි පැවසෙන්නේ

ඇය නගරයේ වෙනත් රෝහලක ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This