භූ කම්පනයෙන් විනාශ වූ තුර්කියට තවත් සහන

භූ කම්පනයෙන් විනාශ වූ තුර්කියට තවත් සහන

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය V muraleedharan එරට තුර්කි තානාපති Firat Sunel හමු වී භූ කම්පනයෙන් ජීවිත අහිමි වූ තුර්කි වැසියන් වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ඉන්දීය රජයේ ශෝකය පළ කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ හමුව සිදුව ඇත්තේ ඉන්දියාවේ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේදීයි.

තුර්කියේ විපතට පත් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහය ලබාදීමටත්, මානුෂීය ආධාර සැපයීමටත් කඩිනමින් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 100 දෙනෙකුගෙන් යුත් සහන කණ්ඩායමක්, මුදා ගැනීමේ මෙහෙයුම් සඳහාම පුහුණු කරන ලද සුනඛයින් සහ උපකරණ තොගයක් ඉක්මනින් තුර්කිය වෙත පිටත් කර හරින බවයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සහ වෛද්‍ය උපකරණ මෙන්ම ඖෂධ තොගයක් ද තුර්කිය වෙත යොමු කරන බව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එරට තුර්කි තනාපතිවරයා හමුවී ප්‍රකාශ කර තිබෙනවා.

අසීරු අවස්ථාවේදී ලබාදෙන සහය වෙනුවෙන් ඉන්දීය රජයට ස්තූතිය පළ කළ තානාපතිවරයාඉන්දියාව යනු අවශ්‍යම මිතුරෙකු බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Share This