
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපතිට ඇප
නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව සිදුකළ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම නියෝග කර තිබෙනවා
සැකකරුට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණයෙන් නියම කළ අතර විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කළා .
සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් ඊයේ (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් වැඩ්දුරටත් පවසා සිටියේ, ආයතනයේ අනුමත ක්‍රියාපටිපාටියේ සදහන් නියමිත ක්‍රමවේදයට අනුව බඳවා ගන්නා ලෙස නියෝග කර තිබීයදී, එම ආයතනයේ සභාපති ලෙස සහ කලමණාකරණ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් සැකකරු ඉහත නියෝගය ක්‍රියා නොකර නියමිත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කර ඇති බවයි.
ඒ අනුව ඔහුගේ දේශපාලන කාර්යාලයේ සේවය කළ කේ.ඩී අනුපමා නැමති කාන්තාවක භූ විද්‍යා හා පතල් කාර්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයට අනුයුක්ත කර වසර එකාමාරක පමණ කාලයක් වැටුප්, හා වාහන දිමනා ඇතුළු ගෙවිම් සිදු කර ඇති බව ද එහිදී පෙන්වා දී තිබෙනවා
එමෙන්ම මේ තුළින් දූෂණය නැමැති වරද සිදුවි ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළා
