මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු අද සිදු කෙරේ

මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු අද සිදු කෙරේ

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන දේශපාලනඥයෙකු ලෙස ක්‍රියා කළ මංගෝසුතු බුතෙලෙසිගේ අවසන් කටයුතු උලුන්ඩි හිදී අද (16) සිදු කෙරෙනවා

ඔහු මිය යන විට 95 හැවිරිදි වියේ පසු වූ අතර එරට අමාත්‍ය ධුර ගණනාවක ද ඔහු කටයුතු කර ඇති බව සඳහන්.

වර්ණභේදවාදයට එරෙහි සටන් කිරීමේදී ඔහු විශාල කාර්යභාරයක් සිදු කළ නායකයෙකු ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම දේහය රැගත් පෙරහර උලුන්ඩි හි ක්වා-පින්ඩන්ජීන් මාලිගය වෙත යන ආකාරය දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අතර ඔවුන් සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ප්‍රශංසා ගායනා කර තිබෙනවා

Share This