මකරෙක් ගිනි ගනී

මකරෙක් ගිනි ගනී

කැලිෆෝනියාවේ ඩිස්නිලන්තයේ සජීවී ප්‍රසංගයක් අතරතුර යෝධ සජීවිකරණ මකරෙකු ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුටත් හානී සිදුව නොමැති අතර අදාළ ප්‍රසංගය තාවකාලිකව නතර කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

ගිනි නිවන භටයින් ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇති අතර, අදාළ මකරා ගිනි ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පට ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ගින්නට හේතුව මෙතෙකනාවරණය වී නැහැ.

Share This