මකුණන් කෑමෙන් මිය ගිය සිරකරු

මකුණන් කෑමෙන් මිය ගිය සිරකරු

අපිරිසිදු සිර මැදිරියක අත්අඩංගුවේ සිටියදී Lashawn Thompson නැමැත්තෙක් මිය ගිය පසු ඔහුගේ පවුලේ අය අපරාධ විමර්ශනයක් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

ඇට්ලන්ටාවේ බන්ධනාගාරයකදී ඇඳ මකුණන් විසින් Thompsonව පණපිටින් කෑමෙන් පසු සිරගෙදරකදී මිය ගිය බව එම පුද්ගලයාගේ ඥාතින් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෙකු ද චෝදනා කර තිබෙනවා

බන්ධනාගාරය වසා දමා ප්‍රතිස්ථාපනය කරන ලෙසද ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Thompson වැරදි චෝදනාවක් මත ඇට්ලන්ටා හි ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයේ සිරගත කර තිබුණේ පසුගිය වසරේ ජූනි මාසයේදී යි

එමෙන්ම ඔහුට මානසික සෞඛ්‍ය ගැටලු ඇති බව තීරණය කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් Thompson ව මානසික වෛද්‍ය ඒකකයේ තැබූ නමුත් ඔහු ශාරීරිකව නිරෝගී බවද සඳහන් කර තිබුණා .

අත්අඩංගුවට ගෙන මාස තුනකට පසු එනම් සැප්තැම්බර් මාසයේදී මකුණන්ගෙන් වැසී දුර්වලවූ ශරීරයක් සහිතව මියගොස් ඇති බව සොයා ගෙන තිබෙනවා

පසුව කරන ලද මරණ පරීක්ෂණයකින් මරණයට හේතුව නිශ්චය නොවූ නමුත් Thompsonගේ සිරුරේ කුඩා මකුණන් කෑමෙන් ඇතිවූ දරුණු ආසාදන තත්ත්වයක් වෛද්‍යවරුන් විසින් හෙළි කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වුණා .

Thompsonගේ සහෝදරයා වන බ්‍රැඩ් මැක්‍රේ පැවති මාධ්‍ය හමුවකදී පවුලේ අයට මෙම ඡායාරූප බැලීමට පවා අපහසු වූ බව සඳහන් කර තිබෙනවා

මේ අතර සිරගෙදර තත්ත්වය වැඩිදියුණු කිරීමට ගත් උත්සාහයන් අගය කරන අතර තවත් බොහෝ දේ කළ යුතු බවයි පවුලේ අය සඳහන් කරන්නේ

නීතිඥ බෙන් ක්‍රම්ප් ඡායාරූප දක්වමින් පවසා තිබෙන්නේThompsonගේ මුඛය, කන්, නාසය සහ ඔහුගේ සිරුර පුරා කෘමීන් සිටි බවත් නීතිවේදීන් අපරාධ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්ය

ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර පසුව එය ජෝර්ජියා විමර්ශන කාර්යාංශයට භාර දෙනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරය වැඩිදියුණු කිරීම් සඳහා ඩොලර් මිලියන 5.4ක් ලැබීමට නියමිත බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This