මකුණන් නිසා පැරිසිය කණස්සල්ලෙන්

මකුණන් නිසා පැරිසිය කණස්සල්ලෙන්

2024 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී අමුත්තන් දහස් ගණනක් පිළිගැනීමට සූදානම් වන පැරිසිය විශාල අර්බුදයකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට හේතුව වන්නේ පොදු ප්‍රවාහනය, සිනමා ශාලා සහ රෝහල්වල ව්‍යාප්ත වෙමින් පවතින මකුණු උවදුර බවයි ප්‍රංශ රජය නිවේදනය කර ඇත්තේ.

රුධිරය උරා බොන මකුණන් Paris Metro, අධිවේගී දුම්රිය සහ පැරිසියේ Charles de Gaulle ගුවන් තොටුපළේදී දැකගත හැකි වූ අතර සංචාරකයින් සමාජ මාධ්‍යවල එම වීඩියෝද හුවමාරු කරගෙන තිබෙනවා.

ප්‍රංශය 2024 ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා පිළිගැනීමට සූදානම් වන බැවින් මෙම වසංගතයට එරෙහිව ක්‍රියාකාරී සැලැස්මක් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි අගනුවර නියෝජ්‍ය නගරාධිපති Emmanuel Gregoire ලිපියකින් සඳහන් කර ඇත්තේ.

අද(03) අවසන් වූ පැරිස් විලාසිතා සතිය තුළද මකුණන් පැතිරීම ගැන දැඩි කනස්සල්ලක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This