මගී යාත්‍රාවකින් මෙරටට ආ ඉන්දීය ජාතිකයෙකු කුෂ් සමග අත්අඩංගුවට

මගී යාත්‍රාවකින් මෙරටට ආ ඉන්දීය ජාතිකයෙකු කුෂ් සමග අත්අඩංගුවට

ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරය වරායට සිවගන්ගායි නමැති මගී යාත්‍රාවෙන් පැමිණි ඉන්දීය ජාතිකයෙකු කුෂ් මත්ද්‍රව්‍ය සමග රේගු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුර වරායේ සේවයේ නියුතු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී එම ඉන්දීය ජාතිකයා සිය භාරයට ගෙන ඇති අතර ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4120 සොයාගෙන ඇති බව සඳහන්.

මෙම මගියා රැගෙනවිත් තිබූ විශාල සූට්කේස් දෙකක් පරීක්ෂා කිරීමේදී ඒවායේ පාවිච්චි කළ ඇදුම් පමණක් තිබී ඇති අතර එම ගමන් මළු පිළිබඳව සැක සිතූ රේගු නිලධාරීන් ඒවා වැඩිදුර පරීක්ෂා කිරීමේදී එම සූට්කේස්වල සකස් කරන ලද ව්‍යාජ ස්ථර තුල සඟවා තිබු කුෂ් තොගය සොයාගෙන තිබෙනවා.

එම කුෂ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 41.2 පමණ වන බවයි වාර්තා වන්නේ.

රේගු නිලධාරීන් විසින් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාරදී තිබෙනවා.

Share This