“මගේ කුඩා දියණිය කිසිඳු ආහාරයක් ගත්තේ නෑ” – මාධ්‍ය හමුව්වේදී සංවේදී වූ ශාන්ත බණ්ඩාර (වීඩියෝ)
සිය දේශපාලන තීරණය සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.
ඊයේ (15) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී ඔහු අලුත් අවුරුදු දා සිය නිවස ඉරිදිපිට දී පැවති විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ද සිදුකරනු ලැබුවා.
එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සංවේදී වෙමින් සඳහන් කළේ විරෝධතාවය හේතුවෙන් බියට පත් වූ සිය කුඩා දියණිය කිසිඳු ආහාරයක් නොගන්නා තත්ත්වයකට පත් වූ බවයි.