
මඩකලපුවේදී අයිස් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔවුන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගත් බව පොලිසිය පවසනවා.
මඩකලපුවේ කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් පාලමුනෙයි ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30 සහ 35 වයස්වල පසුවන ජාවාරම්කරුවන් දෙදෙනෙක්.
පොලිසියට ලැබුණු තොරතුරක් මතයි, කාත්තාන්කුඩි පොලිසිය මේ වැටලීම සිදුකර තිබෙන්නේ.