මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව වන්දනා කටයුතු කරගැනීමට අවස්ථාව ලබාදෙනවා -ජනපති රනිල්-
මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.
එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්.