මඩ වගුරක වැටී සිටි වන අලියාට වන ජීවී නිලධාරීන් පිහිට වේ

මඩ වගුරක වැටී සිටි වන අලියාට වන ජීවී නිලධාරීන් පිහිට වේ

කන්තලේ ජනරංජන වැව ආසන්නයේ මඩ වළක වැටී සිටි වන අලියකුට ප්‍රතිකාර කිරීමට වන ජීවී නිලධාරින් කටයුතු කළා.

දින හතරක් තිස්සේ මඩ වලක එරී සිටි වන අලියෙකුට ගොවිමහත්තුක දැක කන්තලේ වන ජීවි කාර්යාලය දැනුවත් කර ඇති අතර පසුව එම වන අලියා ගොඩගැනීමට කටයුතු කළා.

මේ සඳහා සූරියපුර පොලිසිය, යුද හමුදාව , වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශයේ පිරිස් එක්ව වන අලියාට ප්‍රතිකාර කි‍රීමට මහත් පරිශ්‍රමයක් දැරුවා.

වන අලියා වැටී සිටි ස්ථානයෙන් ගොඩගැනීමට පැය පහක පමණ මෙහෙයුමක් කිරීමට සිදුව තිබෙනවා.

දින කිහිපයක් නිරාහාරව සිටීම හේතුවෙන් වන අලියා දුර්වල වී සිටි අතර වන ජීවී නිලධාරීන් පියවර ගත්තේ අලියා වැටී සිටි මඩ වගුරින් පිටතට ගෙන පසුව සේලයින් ලබාදීමටයි.

මේ වන අලියා වයස අවුදු 15 ක පමණ පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීන් පැවසුවා.

 

 

 

Share This