මත්කරල් 599,000 ක් එක්ක පුද්ගලයෙක් කොටු

මත්කරල් 599,000 ක් එක්ක පුද්ගලයෙක් කොටු

මන්නාරම ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් සිටියදී බොරැල්ල ප්‍රදේශයේදී මත්කරල් 599,000සමග පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

මත්කරල් ලෙස හැඳින්වෙන, රුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුත් Pregab (ප්‍රෙගැබ්) ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ

ඔහු 44 හැවිරිදි මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරිමේදි මන්නාරම ප්‍රදේශයේ පදිංචි සුජි නැමැති පුද්ගලයා විසින් බෝට්ටුවකින් පැමිණ සිලාවතුර පාලම අසලදි මෙම මත්කරල් තොගය ලබාදුන් බවත්, එම තොගය කොළඹ ප්‍රදේශයට රැගෙන එන ලෙසට මොහුට උපදෙස් ලබාදි ඇති බවටත් අනාවරණය වි තිබෙනවා

එමෙන්ම මෙම නීති විරෝධී මත්කරල් පාසල් ලමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් අලෙවි කරන බවද සඳහන්

Share This