
මත්තල ගුවන්තොටුපළ තුළ ආදායම් උපයන ව්‍යාපෘති අරඹන්න රජයේ අවධානය
මත්තල ගුවන්තොටුපළ තුළ ආදායම් ඉපැයිය හැකි වෙනත් ව්‍යාපෘතින් ඇරඹීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
ඊයේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ නිරත වුණා.
මෙම අවස්ථාවේ දී ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලූ අමාත්‍යවරයා සේවකයින් සමඟ සුහඳ පිළිසඳරක නිරත වුණා.
එහිදී සේවකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරුණු අතර, එම ගැටලු කඩිනමින් විසඳීමටත් ඉදිරියේදී ගුවන්තොටුපළ සංචාරක ආකර්ශණය ලබාගනිමින් වැඩිදියුණු කිරීමට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සඳහන් කළා.